දේශගුණික විපර්යාසය පාලනය කිරීමට උපකාරීවිය හැකි අපේ දුරකතනවල අඩංගු ඛනිජ
ලෝකය, දේශගුණික විපර්යාසය ඇති කරන තෙල්වලට ඇති ඇබ්බැහිය නවත්වාගන්නේ කෙසේ ද?
පිළිතුර ඇත්තේ ඔබේ සාක්කුව තුළ ය.
අපගේ දුරකතන සඳහා භාවිතා කෙරෙන තීරණාත්මක ඛනිජ, අපගේ නිවෙස්වලට විදුලිය සැපයීමට සහ අපගේ ගමනාගමන කටයුතුවලට උපකාර කරන සුළං සහ සූර්යය කෝෂ වැනි පිරිසිදු බලශක්තිය නිපදවීමට අවශ්‍ය වේ.
ඔබගේ දුරකතනය ඇතුළත බැලීමට සහ එය බලගන්වන ඛනිජ ගැන දැනගැනීමට පහළට ස්ක්‍රෝල් කරන්න.
A mobile phone expanded to show its component parts including a screen, micro chips, cables and a battery.
ඔබ දුරකතනය කොටස්වලට ගැලවුවහොත්, ඔබ දකිනු ඇත්තේ මෙය යි.
මේ, එය බලගන්වන ඛනිජ වර්ගයන් ය. බැටරිය තුළ නිකල්, ලිතියම් සහ කොබෝල්ට් අඩංගු වෙයි.
මේ ඛනිජ වර්ග අපගේ විද්‍යුත් රථ, නිවෙස් හා කාර්යාලයයන් බල ගැන්වීමටත්, 2030 සඳහා වන net-zero විමෝචන ඉලක්ක කරා ළඟාවීමටත් තීරණාත්මක වෙයි.
The phone connecting cable, circuitboard, battery and casing are highlighted.
නිකල්, දුරකතනයේ අනෙකුත් කොටස්වල ද අඩංගු වෙයි. එසේම එය වෛද්‍ය උපකරණ ද ඇතුළු තවත් බොහෝ නිෂ්පාදනයන්හි අඩංගු ය.
ලිතියම්, මානසික සෞඛ්‍යමය තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා 'මනෝභාව ස්ථායීකාරක' ඖෂධයක් ලෙස ද නිර්දේශ කෙරෙන ඛනිජයකි.
කොබෝල්ට් ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන්නේ යළි ආරෝපණය කළ හැකි බැටරිවල ය. එය ආභරණවල ද අඩංගු වේ.
අපි බැටරි වෙත අවධානය යොමු කරන්නේ ඇයි? ඒ, දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් වැදීම සඳහා මෙම ඛනිජ තුන තීරණාත්මක වනබැවිනි.
විද්‍යුත් රථවල බැටරි, තීරණාත්මක ඛනිජ සඳහා වන ඉල්ලුමෙන් විශාල කොටසකට වග කියයි.
2020 දී ලොවපුරා විකුණන ලද සෑම නව රථවාහන 25කින් එකක් විද්‍යුත් රථයක්බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය (IEA) පවසයි. මෙවසරේ දී එය සෑම රථවාහන පහකින් එකක් වනු ඇත.
මේ විද්‍යුත් රථ හරිත බලශක්ති ප්‍රභවයකින් ආරෝපණය කළහොත්, ඒවා ෆොසිල ඉන්ධන දහනය කරන එන්ජින්වලට වඩා සිව්ගුණයක් හෝ ඊට වැඩියෙන් පිරිසිදුබව IEA පවසයි.
සූර්යය පැනල, විද්‍යුත් රථ හා සුළං ටර්බයින වැනි හරිත තාක්ෂණයන් සියල්ලටම තීරණාත්මක ඛනිජයන් අවශ්‍ය වනු ඇත.
මීළඟ වසර 20 තුළ දී විද්‍යුත් රථවල හා ග්‍රිඩ් සංචායකයේ විශාල වර්ධනයක් සිදුවනු ඇත. එබැවින්, අපට මෙම ඛනිජ විශාල ප්‍රමාණයකින් අවශ්‍ය වනු ඇත.
අපි දැන් තීරණාත්මක ඛනිජ සඳහා ඇති ඉල්ලුම දෙස බලමු.
අපි net-zero ඉලක්ක කරන විට මේ ඉල්ලුම වෙනස්වනු ඇත්තේ කෙසේ ද? (Net zero යනු, වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණයට තවදුරටත් එවැනි වායු එකතු නොකිරීම ය.)
මෙම පතල, අපට අවශ්‍ය ඛනිජ ප්‍රමාණය නියෝජනය කරයි (රූප සටහන පරිමාණයට නොවේ).
මේ, පෙර වසරේ ලොව පුරා භාවිතාවී ඇති නිකල් ප්‍රමාණය යි: එය කිලෝටොන් 3,200කි (මෝටර් රථ මිලියන 3.2ක බරට සමාන ය).
2030 වන විට net zero වෙත ළඟාවීමට නම් අපට නිකල් කිලෝටොන් 5,700ක් අවශ්‍යබවට ඇස්තමේන්තුගත ය.
නමුත් දැනට ඇස්තමේන්තුගත නිකල් සැපයුම කිලෝටොන් 4,140ක් පමණි - එය 2030 වසරට ඇස්තමේන්තුගත net zero ඉල්ලුමට වඩා බොහෝ අඩු ය.
අපි දැන් ලිතියම් හා කොබෝල්ට් දෙස බලමු.
ලිතියම්: 2022 දී ඉල්ලුම, කිලෝටොන් 146යි; 2030 වන විට net zero විමෝචන ඉලක්කය, කිලෝටොන් 702යි; 2030 වන විට අපේක්ෂිත සැපයුම, කිලෝටොන් 420යි.
2030 වන විට ගෝලීය උණුසුම ඉහළයෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීමට නම්, අපි ලිතියම් සැපයුම වැඩි කළ යුතු ය.
කොබෝල්ට්: 2022 දී ඉල්ලුම, කිලෝටොන් 200යි; 2030 වන විට net zero විමෝචන ඉලක්කය, කිලෝටොන් 346යි; 2030 වන විට අපේක්ෂිත සැපයුම, කිලෝටොන් 314යි.
2030 වන විට ගෝලීය උණුසුම ඉහළයෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීම සඳහා අපි කොබෝල්ට් සැපයුම වැඩිකළ යුතු ය.
ලොව පුරා මෙම ඛනිජ කණින්නේ කුමන ප්රදේශවලදැ යි අපි දැන් බලමු.
2022 දී, ඉන්දුනීසියාව, පිලිපීනය සහ රුසියාව ලෝකයේ කැණ ලබාගත් නිකල් සැපයුම්වලින් තුනෙන් දෙකක් නිෂ්පාදනය කළේ ය.
ඕස්ට්‍රේලියාව, චිලී සහ චීනය ලෝකයේ ලිතියම් සැපයුමෙන් 91%ක් කැණ තිබේ.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ලෝකයේ කොබෝල්ට් සැපයුම්වලින් 82%ක් කැණ තිබේ.
කොංගෝ ජනරජය, කොබෝල්ට්: 74%; ඉන්දුනීසියාව, නිකල් 49%; ඕස්ට්‍රේලියාව, ලිතියම් 47%
තීරණාත්මක ඛනිජ කැණීම රටවල් අතලොස්සකට අතිසංකේන්ද්රණය වී ඇත. එක් එක් ඛනිජය සඳහා වැඩිම නිෂ්පාදනයක් සිදුකරන රටවල් මෙන්න.
මෙම ඛනිජ සකසනු ලබන්නේ කොහෙදී ද?
කැණීමටත් වඩා, සැකසීම භූගෝලීය වශයෙන් සංකේන්ද්‍රණය වී තිබේ.
චීනය, කොබෝල්ට් 74%, ලිතියම් 65%; ඉන්දුනීසියාව, නිකල් 43%.
ලිතියම් සහ කොබෝල්ට්වලින් විශාල ප්‍රමාණයක් සකසන්නේ චීනය වන අතර, ඉහළම නිකල් ප්‍රමාණයක් සකසන්නේ ඉන්දුනීසියාව යි.
චීනය, කොබෝල්ට් 74%, ලිතියම් 65%, නිකල් 17%.
එසේම, නවීන තාක්ෂණයන් සඳහා භාවිතා වන දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍යවලින් 90%ක් ද සකසන්නේ චීනය යි.
අත්‍යවශ්‍ය සම්පත්වල සැපයුම් සහ වෙළඳ මාර්ග නිසි ලෙස විවිධාංගීකරණය කිරීමට අපොහොසත්වීම අධිඅවදානම් සහිතබව ඉතිහාසය අපට පෙන්වා දී ඇත.
ටිම් ගෝල්ඩ්, IEA
A mining machine moves a salt by-product at a lithium mine in Chile
චිලියේ ලිතියම් පතලක්
මෙම සියලු තීරණාත්මක ඛනිජ සැපයීමට ඇති බාධා මොනවා ද?
සාමාන්‍ය පතලක් ස්ථාපනය කිරීමට වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් ගතවිය හැකි ය. 2030 තෙක් අපට ඉතිරිව ඇත්තේ වසර හතකට අඩු කාලයකි.
A woman works at a cobalt mine in DR Congo, under very poor conditions
කොංගෝවේ කොබෝල්ට් පතලක්
නව සංචිතයක් සොයාගත් විට, එය ප්‍රයෝජනයට ගැනීමට ඔබට අවශ්‍ය කරන මාර්ග වැනි යටිතල පහසුකම් නොතිබිය හැකි ය.
නව පතල් අනාරක්ෂිතවිය හැකි අතර, සමාන සහ සාධාරණ නිස්සාරණය කිරීමක් සහතික කිරීම සඳහා ප්‍රදේශයේ ප්‍රජාවන් සමග සම්බන්ධවීම අවශ්‍යවේ.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ කාර්මික-පරිමාණයේ කොබෝල්ට් සහ තඹ පතල්වල පුළුල් කිරීම, ප්‍රජාවන් මුළුමනින්ම හා බලහත්කාරයෙන් ඉවත්කර දැමීමට සහ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට තුඩුදී ඇත.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
කාලය ගෙවෙද්දී, බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමට අවශ්‍ය වනු ඇත.
විද්‍යුත් රථ සඳහා වන බොහෝ බැටරි වසර 20ක් තුළ මාරු කළ යුතුබව විද්‍යාඥයන් විශ්වාස කරයි.
වර්තමානයේ දී ප්‍රතිචක්‍රීකරණය කළ හැකිව ඇත්තේ බැටරි ද්‍රව්‍යවලින් අඩකටත් වඩා අඩු ප්රමාණයක්බව එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පවසයි.
නමුත් ඉදිරි දශක දෙක තුළ ඒවායින් 80%ක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිවනු ඇතිබව ඔවුන් පවසයි.
බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීම පහසු කිරීම සඳහා, අප බැටරි නිපදවන ආකාරය යළි සිතා බැලිය යුතු ය.
මහාචාර්ය පෝල් ඇන්ඩර්සන්, බර්මින්හැම් විශ්වවිද්‍යාලයය, එක්සත් රාජධානිය
අපි නිෂ්පාදනය කරන බැටරි ප්‍රමාණය ගත්කල, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සියල්ල විසඳිය නොහැකි ය. අප සෑදීමට බලාපොරොත්තු වන බැටරි සඳහා ප්‍රමාණවත් තරම් ඛනිජ ප්‍රමාණයක් කණිනු ලබන්නේ නැත.
මහාචාර්ය පෝල් ඇන්ඩර්සන්, බර්මින්හැම් විශ්වවිද්‍යාලයය, එක්සත් රාජධානිය